ඉවුම් පිහුම්

අල කරිය

අවශ්‍ය ද්‍රව්‍ය

අර්තාපල් අල 250g

රතුලූනු (ලියාගත්) 30g

අමුමිරිස් (පළාගත්) කරල් 3

උළුහාල් (බැදගත්) තේ හැඳි 1/4

රම්පේ අඟල් 1/2

කුරුඳු පොතු අඟල් 1/2

කරපිංචා (සිහින්ව කපාගත්) මේස හැඳි 1

කරි කුඩු තේ හැඳි 1

කහ කුඩු තේ හැඳි 1/2

උම්බලකඩ කුඩු තේ හැඳි 1

දියකිරි අඬුකෝප්ප 1

මිටිකිරි අඬුකෝප්ප 3/4

ලුණු රස අනුව

 

සාදන ක්‍රමය

අල තම්බා පොතු හැර කැබලි කපාගන්න.

මිටිකිරි, අල හැර අන් සියල්ල භාජනයකට දමා ලිප තියා උතුරුවා ගන්න.

තරමක් උතුරන විට අල එකතු කරන්න.

ඉන්පසු මිටිකිරි එකතු කර උතුරනතුරු හැඳි ගා ලිපෙන් බා විනාඩියක් පමණ හැඳිගාන්න.

 

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා