ඉවුම් පිහුම්

බෙලි බීම

අවශ්‍ය ද්‍රව්‍ය

ඉදුණු බෙලි 600g

වතුර අඬුකෝප්ප 10

සීනි මේස හැඳි 5

දෙහි යුෂ මේස හැඳි 1

ලුණු තේ හැඳි 1/2

 

සාදන ක්‍රමය

බෙලි ගෙඩි හොඳින් සෝදා බිඳගෙන, මද සූරා වතුර දමා දෙතුන් වරක් පොඩිකර පෙරාගන්න.

එම යුෂ ලිප තබා උතුරන විට උඩට එන මැලියම් සහ අපවිත්‍ර ද්‍රව්‍ය ඉවත් කර සීනි සහ ලුණු දමා තරමක් උකු වනතුරු තබා නිවුණු පසු දෙහි එක්කර පෙරා ශීත කරගන්න.

අයිස් දමා බීමට ගන්න.

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා