ඉවුම් පිහුම්

මුරුක්කු

අවශ්‍ය ද්‍රව්‍ය

කඩල පිටි 1kg

කරපිංචා (ලියාගත්) මේස හැඳි 1

කොත්තමල්ලි කුඩු මේස හැඳි 2

මිරිස් කුඩු තේ හැඳි 1

ලුණු තේ හැඳි 1

තෙල් 1L

 

සාදන ක්‍රමය

ඉහත සියල්ල වතුර ටිකක් දමා අනා විනාඩි 30ක් තියන්න.

ඉන්පසු සාදාගත් මිශ්‍රණය මුරුක්කු වංගෙඩියේ දමා ගන්න.

කඩල පිටි ඉසගත් කෙසෙල් කොළයක් හෝ තැටියක් ගෙන ඒ මතට වක්කරන්න.

වක්කරගත් මුරුක්කු එක සමාන කැබලිවලට කඩා ගැඹුරු තෙලේ බැදගන්න.

 

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා