ඉවුම් පිහුම්

හකුරු ජෙලි පුඩිම

අවශ්‍ය ද්‍රව්‍ය

හකුරු 500g

වතුර අඬුකෝප්ප 1/2

උකු පොල්කිරි 250ml

ජෙලටින් 25g

වතුර 50ml

 

සාදන ක්‍රමය

හකුරු, වතුර දමා උණුකර පෙරාගන්න.

ජෙලටින්වලට වතුර දමා ඩබල් බොයිල් කරන්න.

උණුකර පෙරාගත් හකුරුවලට පොල්කිරි දමා උතුරුවා ගන්න.

ගින්දර අඩුකර ජෙලටින් එකතු කරන්න.

ඉන්පසු භාජනයකට දමා පැය 4ක් පමණ තියා ශීතකරණයේ තබන්න.

 

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා