ඉවුම් පිහුම්

කොස් සිවිඩි මාලුව

අවශ්‍ය ද්‍රව්‍ය

කොස් සිවිඩි (පැසුණු කොස්වල) 200g

තක්කාලි 30g

අමුමිරිස් (කපාගත්) කරල් 2

උම්බලකඩ මේස හැඳි 1/2

කරි කුඩු මේස හැඳි 1/2

කහ කුඩු තේ හැඳි 1/4

මිරිස් කුඩු තේ හැඳි 1/4

මිටිකිරි අඬුකෝප්ප 1

රම්පේ කැබැල්ලක්

කරපිංචා කිනිත්තක්

කුරුඳු පොතු කැබැල්ලක්

ලුණු රස අනුව

 

සාදන ක්‍රමය

කොස් සිවිඩි කඩා සෝදාගන්න.

ඉතිරි සියලු ද්‍රව්‍ය එයට එකතු කර ලිප තබා ඉස්ම හින්දගන්න.

 

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා