ඉවුම් පිහුම්

මාළුබඩ ව්‍යාංජනය

අවශ්‍ය ද්‍රව්‍ය

මාළුබඩ 500g

ලූනු (කපාගත්) 50g

ගොරකා (අඹරාගත්) 20g

ගම්මිරිස් කුඩු තේ හැඳි 1

මිරිස් කුඩු තේ හැඳි 2

කරි කුඩු මේස හැඳි 2

තෙල් මේස හැඳි 2

අමුමිරිස් කරල් 4

සුදුලූනු (කපාගත්) තේ හැඳි 1

ඉඟුරු (කපාගත්) තේ හැඳි 1/2

කරපිංචා (කපාගත්) මේස හැඳි 1

රම්පේ අඟල් 1/2

ලුණු රස අනුව

 

සාදන ක්‍රමය

මාළුබඩ කපා සෝදාගන්න.

වතුර භාජනයක් ලිප තබා ලුණු ස්වල්පයක් දමා උතුරන විට මාළුබඩ එක්කරන්න.

විනාඩියක් පමණ තිබෙන්නට හැර වතුර පෙරා දිය බේරෙන්නට තබන්න.

තෙල් ස්වල්පයක් රත්කර එයට ලූනු, රම්පේ, කරපිංචා, අමුමිරිස්, කුරුඳුපොතු දමා මද ගින්නේ බැදගන්න.

එයටම මිරිස් කුඩු, කරි කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු එක්කර මද ගින්නේ රන්වන් පැහැය වනතෙක් බැදෙන්නට හරින්න.

සුදුලූනු, ඉඟුරු, ගොරකා එක්කොට වතුර අඬුකෝප්ප 3ක් දමා මාළුබඩද එක්කර ඉස්ම හිඳෙනතුරු තම්බාගන්න.

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා