ඉවුම් පිහුම්

අඹ යුෂ සමඟ කරවිල පානය

අවශ්‍ය ද්‍රව්‍ය

අඹ​ ගෙඩි 4

උතුරුවා නිවාගත් වතුර අඬුකෝප්ප 4

කරවිල 100g

සීනි 50g

ලුණු තේ හැඳි 1/2

 

සාදන ක්‍රමය

සෝදා, පොතු සහ ඇට ඉවත් කර අඹ කපාගන්න.

අඹවලට ලුණු, සීනි, වතුර අඬුකෝප්ප 2ක් එකතු කර බ්ලෙන්ඩ් කරගන්න.

කරවිල ඇට ඉවත් කර සෝදා ඉතිරි වතුර අඬුකෝප්ප 2 දමා, ලුණු එකතු කර බ්ලෙන්ඩ් කරගන්න.

වෙන වෙනම ශීතකරණයේ තබන්න.

වීදුරුවකට 3/4ක ප්‍රමාණයට අඹ යුෂ වත්කරගන්න.

එම වීදුරුවට කරවිල යුෂ තේ හැඳි 2ක් එකතු කර මිශ්‍ර කරන්න.

 

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා