ඉවුම් පිහුම්

මාළු සමඟ කොත්තමල්ලි සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

මාළු තම්බාගත් වතුර 6L

තලපත් මාළු (පොඩියට කපාගත්) 100g

පරිප්පු 100g

කැරට් 50g

අල 50g

ලූනු 50g

සැල්දිරි 25g

ලීක්ස් (සුදුපාට) 25g

බටර් මේස හැඳි 1

කොත්තමල්ලි කුඩු මේස හැඳි 1

සූදුරු කුඩු තේ හැඳි 1

කහ කුඩු තේ හැඳි 1

සුදුලූනු (තලාගත්) මේස හැඳි 1

ඉඟුරු (තලාගත්) තේ හැඳි 1

එළකිරි අඬුකෝප්ප 1/2

තෙල් අඬුකෝප්ප 1/2

දෙහි යුෂ තේ හැඳි 2

ලුණු රස අනුව

 

සාදන ක්‍රමය

එළවලු සියල්ල කපාගන්න.

භාජනයක් ලිප තබා බටර් දමා පරිප්පු හැර එළවලු සියල්ල දමා තරමක් බැදගන්න.

එයට පරිප්පු, සුදුලූනු, ඉඟුරු එක්කර සූදුරු කුඩු, කහ කුඩු, කොත්තමල්ලි කුඩු දමා මාළු වතුර දමාගන්න.

උතුරනවිට ගින්දර අඩුකර තැම්බෙන්න හරින්න.

මාළු කැබලි ගැඹුරු තෙලේ බැද තෙල් පෙරාගන්න.

ඉහත සියල්ල හොඳින් තැම්බුණු පසු නිවා බ්ලෙන්ඩ් කරන්න.

බ්ලෙන්ඩ් කරගත් පසු නැවත ලිප තබා උතුරනවිට එන පෙණ අස්කර කිරි සහ ලුණු දමාගෙන ගින්දර නිවන්න.

ඉන්පසු බැදගත් මාළු එකතු කරන්න.

නිවුණ පසු දෙහි යුෂ එකතු කරන්න.

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා