ඉවුම් පිහුම්

එළබටු පැහි

අවශ්‍ය ද්‍රව්‍ය

එළබටු 500g

අබ (විනාකිරෙන් අඹරන ලද) මේස හැඳි 4

පොඩි රතුලූනු 200g

පොඩි අමුමිරිස් 100g

වියළි හාල්මැස්සන් 100g

කහ කුඩු තේ හැඳි 1

සීනි මේස හැඳි 1 1/2

ගම්මිරිස් කුඩු තේ හැඳි 1

ලුණු තේ හැඳි 1

අඹ චට්නි (පොඩි කරගන්නා ලද) මේස හැඳි 3

තෙල් අඬුකෝප්ප 2

විනාකිරි අඬුකෝප්ප 1

 

සාදන ක්‍රමය

එළබටු නැට්ට බාගයට කපා වෙන් නොවන්න හතරට පළා පිරිසිදු කර සෝදා දිය බේරෙන්නට හැර ගැඹුරු තෙලේ බැදගන්න.

හාල්මැස්සන් පිරිසිදු කර සෝදා ගැඹුරු තෙලේ කරවෙන්න බැදගන්න.

ලූනු හා අමුමිරිස් ගැඹුරු තෙලේ උණුං ගස්සාගන්න.

භාජනයකට අබ, සීනි, කහ, ගම්මිරස්, ලුණු, අඹ චට්නි දමා විනාකිරෙන් හොඳට මිශ්‍ර කරගන්න.

රස බලා බටු, හාල්මැස්සන්, මිරිස්, ලුණු මිශ්‍ර කර දවසකට පසු පාවිච්චියට ගන්න.