ඉවුම් පිහුම්

කොස් සිවිඩි මිශ්‍ර බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය

*සෝදා පිරිසිදු කරගත් කොස් සිවිඩි 50

*හාල්මැස්සන් ග්‍රෑම් 50

*කඩල පරිප්පු ග්‍රෑම් 50

*නූඩ්ල්ස් ග්‍රෑම් 50

*වියළි මිරිස් කරල් 4/5

*කරපිංචා ඉති 2/3

*බැදගැනීමට තෙල්

*මිරිස් කුඩු ස්වල්පයක්

*රස අනුව ලුණු හා සීනි ස්වල්පයක්

 

සාදන ක්‍රමය

*කොස් සිවිඩි ටික හොඳින් සෝදා ජලය ඉවත්කර, ගැඹුරු තෙලේ බැදගන්න.

*සෝදා පිරිසිදු කරගත් හාල්මැස්සන්ද තෙලේ බැදගන්න.

*කඩල පරිප්පු පැයක් පමණ පෙඟෙන්නට තබා බැදගන්න. (කැමතිනම් කඩල පරිප්පු වෙනුවට රටකජු ගන්න.)

*දැන් නූඩ්ල්ස් ටිකද ගැඹුරු තෙලේ රන්වන් පැහැයට බැදගන්න.

*කරපිංචා හා වියළි මිරිස් කරල් ටිකද වෙන වෙනම බැදගන්න.

​*මෙසේ බැදගත් වියළි මිරිස් කරල් කුඩා කැබලිවලට කපාගන්න.

*දැන් ඉහත බැදගත් සියල්ල තෙල් බේරෙන්නට හැර ඉඩකඩ ඇති බඳුනකට දමා කලවම් කරගන්න.

*ඊට රස අනුව මිරිස්කුඩු සහ ලුණු කුඩු එක්කර දෙහි ඇඹුල් ස්වල්පයක්ද එක්කර හොඳින් කලවම් කරන්න.

*මෙය වැඩිපුර තිබේනම් සුළං නොවදින සේ වීදුරු බෝතලයක අසුරා තබන්න.

 

ආහාර වට්ටෝරු ඉදිරිපත් කිරීම : නීරෝෂී දොලමුල්ල