ඉවුම් පිහුම්

අල බොන්ඩා…

*තම්බාගත් අල 400g ක්
*ලොකු ලූනු ගෙඩි 1 ක්
*අමුමිරිස් කරල් 3 ක්
*කරපිංචා ඉත්තක්
*ගම්මිරිස් කුඩු තේ හැඳි 1 ක්
*කහ කුඩු තේ හැඳි 1/2 ක්
*අඹරාගත් සුදු ලූනු බික් 2 ක්
*අඹරාගත් ඉගුරු තේ හැඳි 1/2 ක්
*රස අනුව ලුණු
*දෙහි යුෂ තේ හැඳි 1 ක්
*කඩල පිටි කෝප්ප 1 ක් පිටි මිශ්‍රණය සඳහා
*ලුණු තේ හැඳි 1/2 ක් පිටි මිශ්‍රණය සඳහා
*මිරිස් කුඩු තේ හැඳි 1/2 ක් පිටි මිශ්‍රණය සඳහා
*ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4 ක් පිටි මිශ්‍රණය සඳහා
*බේකින් සෝඩා තේ හැඳි 1/4 ක් පිටි මිශ්‍රණය සඳහා

සාදන ආකාරය :

මුලින්ම තම්බාගත්ත අල ටික කෑලි සිටින සේ පොඩි කරගන්න.

දැන් භාජනයක් ලිප තියලා තෙල් මේස හැඳි දෙකක් දාලා තෙල් රත් වෙනකොට ඉගුරු, සුදු ලූනු, කුඩාවට කපාගත්ත ලූනු, අමු මිරිස්, කරපිංචා එකතු කරලා තෙම්පරාදු කර ගන්න.

ඒ අතරම කහ කුඩු, ගම්මිරිස් කුඩු එකතු කර ගන්න.

මිශ්‍රණය තෙම්පරාදු වුනාට පස්සේ අල එකතු කරන්න.

රස පදමට ලුණු එකතු කරල මිශ්‍රණය හොදින් කලවම් කරන්න. තවත් විනාඩි 5-6 ක් අල මිශ්‍රණය තෙම්පරාදු උනාට පස්සේ ලිපෙන් බා දෙහි යුෂ එකතු කරන්න.

අල මිශ්‍රණයෙන් තමන්ට කැමති ප්‍රමාණයේ අල බෝල සාදා ගන්න.

කඩල පිටි, ලුණු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු. බේකින් සෝඩා එකට මිශ්‍රකර ඒ මිශ්‍රණයට වතුර ටිකෙන් ටික එක් කරමින් පිටි කැටි නොහිටන සේ උකු පිටි මිශ්‍රණයක් හදා ගන්න.

සාදාගත් අල බෝල පිටි මිශ්‍රණයේ තවරා ගැඹුරු තෙලේ රන්වන් පාට වනතෙක් බැද ගන්න.