ඉවුම් පිහුම්

කැරට් සහ පේර බීම

අවශ්‍ය ද්‍රව්‍ය

කැරට් 400g

උතුරුවා නිවාගත් වතුර අඬුකෝප්ප 4

පේර 400g

සීනි 40g

ලුණු තේ හැඳි 1/2

 

සාදන ක්‍රමය

කැරට් සුද්දකර, සෝදා, කපා වතුර අඬුකෝප්ප 2ක් එකතු කර බ්ලෙන්ඩ් කර පෙරාගන්න.

පේර සෝදා, සීනි සහ ඉතිරි වතුර අඬු​කෝප්ප 2 එකතු කර බ්ලෙන්ඩ් කර පෙරාගන්න.

පිළිගැන්වීමේදී වීදුරුවට පේර යුෂ එකතු කර ඊට උඩින් කැරට් යුෂ දමාගන්න.

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා