ඉවුම් පිහුම්

ඥානකතා

අවශ්‍ය ද්‍රව්‍ය:

* පාන්පිටි 250g ක්
* බටර් 50g ක්
* සීනි 125g ක්
* බිත්තර 1 ක්
* වැනිලා තේ හැඳි 1 ක්
* බේකින් පවුඩර් හැඳි දෙකක්
* ලුණු ස්වල්පයක්
* උඩින් තැවරීමට වතුර හා සීනි ස්වල්පයක්

සාදන ක්‍රමය :

පිටි වලට බේකින් පවුඩර් දමා හලාගෙන පැත්තකින් තබන්න. බටර් ටික බීට් කරගන්න. එයටම සීනි එකතු කර හොඳින් බීට් කරගන්න. දැන් බිත්තරයද එකතු කර ක්‍රිම් එකක් වනතෙක් හොඳින් බීට් කරගන්න. වැනිලා සහ ලුණු ස්වල්පයක් ද මෙම මිශ්‍රණයට දමා ගන්න. අනතුරුව හලාගත් පිටි ටික මෙම බටර් මිශ්‍රණයට දමා අතේ නොඇලෙන ගානට හොඳින් අනා ගන්න. මේ වෙනකොට dough එක බෝලයක් වගේ එකට එකතු වෙන්න ඕන…

දැන් මෙම පිටි මිශ්‍රණයෙන් කුඩා බෝල සාදා ගන්න. මෙම ප්‍රමාණයෙන් කුඩා බෝල 10ක් 12ක් පමණ සාදාගන්න පුළුවන්.

දැන් එක බෝලයක් ගෙන යන්තමින් පැතලි කරගන්න. ගොඩක් පැතලි කරගන්න එපා. එහෙම උනොත් ඥානකතා එක බේක් වෙද්දි බිස්කට් එකක් වගේ පැතලි වෙයි. දැන් එක පැත්තක වතුර ටිකක් ගාගෙන ඒ පැත්තේ සීනි ටිකත් අතුර ගන්න. මේ විදිහට ඉතුරු බෝල ටිකත් හදාගන්න. සාදාගත් බෝල තෙල් කඩදාසියක් ඇතිරූ තැටියක අසුරා ගන්න. සෙල්සියස් අංශක 180ට preheat කරපු අවන් එකක විනාඩි 20-25 ක් විතර බේක් කරගන්න.

* ඥානකතා ගොඩක් වෙලා බේක් කරන්න එපා. මොකද මේවගෙ වටේ බේක් වෙලා ඇතුල සොෆ්ට් එක තියෙන්න ඕන නිසා…

* ඒ වගේම ඥානකතා අවන් එකෙන් එළියට ගත්තට පස්සෙත් ඒ රස්නෙන් ටිකක් බේක්වෙනවා.