ඉවුම් පිහුම්

හොට් චොකලට් ඩ්‍රින්ක්

අවශ්ය ද්රව්ය:
*නැවුම් කිරි කෝප්ප 2ක්
*වතුර කෝප්ප භාගයක්
* චොකලට් පවුඩර් මේස හැඳි 2ක්
* සීනි මේස හැඳි 3 ක් (හෝ රස අනුව)
* කුරුඳු පොතු කැබැල්ලක්
* වැනිලා තේ හැඳි එකක්
* ලුණු ස්වල්පයක්
සාදන ක්රමය:
සාස්පානක් ලිප තබා වතුර හොඳින් උතුරවා ගන්න. වතුර උතුරන විට එයට අනෙක් ද්රව්ය සියල්ල එක්කර මිශ්ර කරමින් අඩු ගින්දරේ උතුරවා ගන්න.
සීනි බලා අවශ්ය නම් එකතු කරන්න.
මිශ්රණය තරමක් උකු ගතියකට ආ පසු ළිපෙන් බාගෙන, කෝප්ප වලට පෙරා ගන්න. උඩින් කොකෝ පවුඩර් ටිකක් ඉස පිළිගන්වන්න.
* මේ සඳහා චොකලට් පවුඩර් වෙනුවට ග්රේට් කරගත් චොකලට් යොදාගන්න පුළුවන්.
*ඒ වගේම රස අනුව මයිලෝ, කෝපි වගේ ඕනෙම දෙයක් පාවිච්චි කරන්නත් පුලුවන්.
* මෙම ප්රමාණය දෙදෙනෙකු සඳහායි.