ඉවුම් පිහුම්

අයිස් කෝපි

අවශ්‍ය ද්‍රව්‍ය:
* නැවුම් එළකිරි/Fresh Milk කෝප්ප එකහමාරක්
* කෝපි කුඩු තේ හැඳි 2ක්
* උණු වතුර කෝප්ප භාගයක්
* සීනි තේ හැඳි 5-6ක්
* වැනිලා බිංදු කිහිපයක්

සාදන ක්‍රමය:
කෝපි සහ උණු වතුර කෝප්පයකට දමා හොඳින් දිය කරගන්න. පුරා රැයක් හෝ පැය 12ක් පමණ ශීතකරණයේ තබන්න.

පැය 12කට පසු ශීතකරණයෙන් එලියට ගෙන සීනි සහ වැනිලා එකතු කරන්න. හොඳින් මිශ්‍ර කර පෙරා ගන්න.

වීදුරු 2ක් ගෙන සමානව කෝපි දමන්න. කිරි සහ අයිස් කැට අවශ්‍ය ප්‍රමාණයට දමා පිළිගන්වන්න.