ඉවුම් පිහුම්

මාළු ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය:
* මාලු 500g ක්
* අඹරා ගත් ඉඟුරු, සුදුළූණු තේ හැඳි 2ක්
* තලා ගත් කරදමුංගු, කරාඹුනැටි 2 බැගින්
* අඟලක කුරුඳු කැබැල්ලක්
* රවුමට කපා ගත් බී ලූණු පොඩි ගෙඩි 2ක්
* මාලු මිරිස් කරල් 2 ක්
* දෙකට පලාගත් අමු මිරිස් කරල් 3-4ක්
* කැබලි කපාගත් තක්කාලි ගෙඩි 2ක්
* කෑලි මිරිස් මේස හැඳි 1ක්
* මිරිස් කුඩු තේ හැඳි 1ක්
* සෝයා සෝස් මේස හැදි 2ක්
* තක්කාලි සෝස් මේස හැදි 2ක්
* සීනි තේ හැඳි 1ක් (හෝ රස අනුව)
* විනාකිරි තේ හැඳි 1ක්
*ලුණු රස අනුව

◾ මාලු සීසන් කර ගැනීමට…
* දෙහි යුෂ ස්වල්පයක්
* ගම්මිරිස් කුඩු තේ හැඳි එකක්
*ලුණු කුඩු තේ හැඳි එකක්

සාදන ක්‍රමය:
මාළු හොඳින් සෝදා පිරිසිදු කර තරමක තුනී කෑලි වලට කපාගන්න. ලුණු, ගම්මිරිස් සහ දෙහි අතගා පැය භාගයක් සීසන් කරන්න.

මීළඟට තාච්චියක් ලිපේ තබා සීසන් කරගත් මාළු ගැඹුරු තෙලේ බැද තෙල් බේරෙන්නට තබන්න.

දැන් නන්ස්ටික් පෑන් එකක් ගෙන තෙල් තේ හැන්දක් දමා රත් වෙද්දී කරදමුංගු, කරාඹුනැටි හා කුරුඳු දමා බදින්න.

මීළඟට ඉඟුරු, සුදුලූණු ටික සුවඳ එනතුරු හැඳි ගාමින් බදින්න.

දැන් මෙයට බී ලූණු, අමුමිරිස් සහ මාලු මිරිස් එකතු කරන්න.සෝස් ටික දමා හැඳි ගාමින් පිසින්න. සෝස් එක ඝන වෙනකොට බැදගත් මාලු ටික එකතු කරගන්න. දැන් එයටම විනාකිරි සහ සීනි දමා මිශ්‍ර කරන්න.

රස බලා මදිනම් ලුණු ටිකක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. අවසානයේ තක්කාලි කැබලි ටික එකතු කර අඩු ගින්දරේ ටික වේලාවක් තබා ලිපෙන් බා ගන්න.