ඉවුම් පිහුම්

කුරක්කන් පාන්

අවශ්‍ය ද්‍රව්‍ය

තිරිඟු පිටි 1kg

කුරක්කන් පිටි 200g

ඊස්ට් 30g

සීනි 20g

බටර් මේස හැඳි 2

බිත්තර 1

අයිස් වතුර 1/2L

ලුණු 15g

 

සාදන ක්‍රමය

හලාගත් පිටි සමඟ ඉහත සියල්ල අයිස් වතුරෙන් අතේ නොඇලෙන පරිදි අනාගන්න.

මිශ්‍රණය පැය 1/2ක් තියන්න.

තමන් කැමති ග්‍රෑම් ගාණට කඩා, අත් ගසා විනාඩි 10ක් තියන්න.

ඉන්පසු තරමක් තුනීකර, දෙකොණ නවා, තමා පාවිච්චි කරන තැටියේ දිග ප්‍රමාණයට රෝල්කරගන්න.

තෙල් සහ පිටි මිශ්‍ර කරගෙන තැටියේ අඩියේ සහ වටේ ගාගන්න.

එම තැටියට මිශ්‍රණය දමා විනාඩි 15ක් තියන්න.

ඉන්පසු උෂ්ණත්වය 180Cයේ විනාඩි 20-30ක් පුළුස්සා ගන්න.

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා