ඉවුම් පිහුම්

අමු අඹ පිකල්

අවශ්‍ය ද්‍රව්‍ය :-

*පොඩියට කපාගත් අමු අඹ ගෙඩි 5 ක්
*කහකුඩු තේ හැඳි 2 ක්
*ලුණු
*අබ ඇට තේ හැඳි 1 ක්
*උළුහාල් තේ හැඳි 1 ක්
*සූදුරු තේ හැඳි 1 ක්
*මාදුරු තේ හැඳි 1 ක්
*මිරිස්කුඩු තේ හැඳි 2 ක්
*අබ තෙල් මේස හැඳි 3 ක්
*පොල්තෙල් තේ හැන්දක්

 

සාදාගන්නා ආකාරය :-

*කපාගත් අඹ වලට ලුණු තේ හැඳි 1/2 හා කහකුඩු තේ හැඳි 1/2 දාලා කලවම් කරන්න.

*දැන් මේ අඹ ටික අව්වේ පැය 3ක් විතර වේලගන්න.

*පෑන් එකක් ලිපේ තියලා අබ, උළුහාල්, සූදුරු, මාදුරු දාලා අඩු ගින්දරේ කබලේ බැදගන්න.
මේ ටික ග්‍රයින්ඩ් කරල කුඩු කරගන්න.

*පොඩි තාච්චියක් ලිප තියලා පොල්තෙල් දාලා රත් කරගන්න. දැන් වේලගත් අඹ වලට කුඩුකරගත් කුළුබඩු ටික දාලා ඉතුරු මිරිස්කුඩු, කහකුඩු ටිකත් දාගෙන රස අනුව ලුණු දාගන්න.

*හොඳට කලවම් කරලා රත් කරගත් අබ තෙල් ටික දාගන්න.

*හොඳට කලවම් කරලා දවසක් විතර තියල කෑමට ගන්න.