ඉවුම් පිහුම්

චිකන් චාසිව්

අවශ්‍ය ද්‍රව්‍ය

*කටු නැති කුකුල් මස් ග්‍රෑම් 300ක පමණ කැබැල්ලක්

​*සෝයා සෝස් මේස හැඳි 1

*ඔයිස්ටර් සෝස් මේස හැඳි 2

*මී පැණි හෝ පැණි මේස හැඳි 4

*බ්ලෙන්ඩ් කරගත් ඉඟුරු, සුදුලූනු පේස්ට් මේස හැඳි 2

*ගම්මිරිස් තේ හැඳි 1

*සීනි මේස හැඳි 1

*රතුපාට කලරින් ස්වල්පයක්

*ලුණු අවශ්‍ය පමණට

*​ෆොයිල් කොළ කැබැල්ලක්

 

සාදන ක්‍රමය

*බඳුනක් ගෙන ඊට සෝස් වර්ග, ඉඟුරු සුදුලූනු පේස්ට්, ලුණු, පැණි හා ගම්මිරිස්, සීනි, කලරින් එක්කරගන්න.

*දැන් එය හොඳින් කලවම්කොට, සෝදා කටු ඉවත්කළ කුකුල් මස් කැබැල්ල මිශ්‍රණයේ ගිල්වා හොඳින් පදම් කරගන්න.

*එසේ පදම් කළ මස් කැබැල්ල පැය දොළහක් පමණ ශීතකරණයේ තිබෙන්නට හරින්න.

*දැන් පදම් කරගත් මස් කැබැල්ල ​ෆොයිල් කොළයක් දැමූ බේකිං තැටියක දමා සෙන්ටිග්‍රේඩ් අංශක 200ක උෂ්ණත්වයෙන් විනාඩි 15ක් රෝස්ට් කරගන්න.

*අනතුරුව චිකන් පදම් කරගැනීමට ගත් මිශ්‍රණයේ ද්‍රාවණය රත්කර රෝස්ට් කරගත් චිකන් කැබැල්ල මතට එක්කරන්න.

**මෙය චීන ජාතිකයින් ඉතාම ප්‍රිය කෑමක් වන අතර, පැණි රසට කැමති ඔබටද මෙය විශේෂ වූවකි.

 

විධායක සූපවේදී

දුමින්ද අබේසිරිවර්ධන

B.B.Q. on Wheels, කැන්බරා, ඔස්ට්‍රේලියාව