ඉවුම් පිහුම්

කේරල ක්‍රමයට කුකුල්මස් වෑංජනයක්

අවශ්‍ය ද්‍රව්‍ය

*කුකුල් මස් ග්‍රෑම් 500

*කොත්තමල්ලි කුඩු තේ හැඳි 1

*මිරිස් කුඩු තේ හැඳි 1

*ගරම් මසාලා තේ හැඳි 2

(කොත්තමල්ලි, ගම්මිරිස්, සූදුරු, මාදුරු, කුරුඳු, කරාබුනැටි, එනසාල් එක්කර සාදාගන්නා තුනපහ විශේෂයක් වන අතර ඉන්දීය ආහාර සැකසීමේදී යොදාගනී.)

*කහකුඩු තේ හැඳි 1/2

*සූදුරු තේ හැඳි 1/2

*බී ලූනු ගෙඩි 1

*සුදුලූනු බික් 6/7

*පොල්කිරි කෝප්ප 1

*අමුමිරිස් කරල් 2

*පොල්තෙල් ස්වල්පයක්

*රම්පේ, කරපිංචා

*ලුණු, ගම්මිරිස් අවශ්‍ය පමණට

 

සාදන ක්‍රමය

 

*භාජනයක් ලිප තබා ඊට තෙල් එක්කර, සිහින්ව කපාගත් ලූනු, සුදුලූනු, ලුණු එක්කර තෙම්පරාදු කරගන්න.

*ඉන්පසු ගරම් මසාලා හා කොත්තමල්ලි හැර අනෙකුත් කුළුබඩු වර්ග ඊට එක්කරන්න.

*එය හොඳින් කලවම් කර සෝදා කපාගත් කුකුල් මස් කැබලි ඊට එක්කර හොඳින් තෙම්පරාදු කරගන්න.

*දැන් ඊට ගරම් මසාලාද එක්කර කලවම් කරගන්න.

*අනතුරුව එයට පොල්කිරි කෝප්පය එක්කර විනාඩි පහක් පමණ වැඩි ගින්දරේ පිසගන්න.

*දැන් ලිපේ ගින්දර අඩු කර තවත් විනාඩි පහළොවක් පමණ පිසගන්න.

*වෑංජනය ලිපෙන් බෑමට ආසන්නයේ කොත්තමල්ලි කුඩුද එක්කරගන්න.

 

විධායක සූපවේදී

දුමින්ද අබේසිරිවර්ධන

B.B.Q. on Wheels, කැන්බරා, ඔස්ට්‍රේලියාව