ඉවුම් පිහුම්

දැල්ලෝ බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය

*තරමක් ලොකු දැල්ලන් ග්‍රෑම් 300

*ගම්මිරිස් ඇට තේ හැඳි 2

*ලුණු කුඩු අවශ්‍ය පමණට

*පාන්පිටි ස්වල්පයක්

*හාල්පිටි ස්වල්පයක්

*බැදගැනීමට තෙල්

*ලූනු කොළ මිටක්

*රතු මිරිස් කරල් 2

 

සාදන ක්‍රමය

*දැල්ලන් හොඳින් සුද්දකර සෝදා කොටු හැඩයට හෝ දිගැති හැඩයට කපාගන්න.

*දැන් ගම්මිරිස් ඇට තරමක් බැදගෙන වංගෙඩියේ කොටාගන්න. ඊට ලුණු කුඩුද එක්කරගන්න.

*අනතුරුව කපාගත් දැල්ලන් හොඳින් දිය බේරෙන්නට තබා ගම්මිරිස් කුඩුවල දවටාගන්න.

*දැන් පාන්පිටි හා හාල්පිටි එකට මිශ්‍ර කරගන්න. (හාල්පිටි නොමැතිනම් කෝන් පිටි තේ හැන්දක් එක්කරන්න.)

*පසුව ලුණු, ගම්මිරිස් දවටාගත් දැල්ලන් පිටි මිශ්‍රණයේද දවටා ගැඹුරු තෙලේ රන්වන් පැහැයට බැදගන්න. (විනාඩි දෙකක් පමණ)

*දැන් බඳුනක් ලිප තබා ඊට තෙල් එක්කර කුඩාවට කපාගත් සුදුලූනු, කපාගත් මිරිස් හා කපාගත් ලූනු කොළ එක්කර ගම්මිරිස් හා ලුණුද අවශ්‍ය පමණට එක්කර බැදගත් දැල්ලන්ද ඊට එක්කරගන්න.

*මෙය රස කරගැනීමට දෙහි බිංදු දෙක තුනක් එක්කර කෑම මේසයට යවන්න.