ඉවුම් පිහුම්

තක්කාලි සෝස්

අවශ්‍ය ද්‍රව්‍ය

*ඉදුණු තක්කාලි ග්‍රෑම් 500

*මිරිස් කුඩු තේ හැඳි 2

*කපාගත් සුදුලූනු බික් 4/5

*සීනි තේ හැඳි 3/4

*විනාකිරි තේ හැඳි 4

*ලුණු කුඩු තේ හැඳි 1

*වතුර අවශ්‍ය පමණට

 

සාදන ක්‍රමය

*පළමුව තක්කාලි සෝදා කැබලි කපා කුඩාවට කපාගත් සුදුලුනුද සමඟ වතුර ස්වල්පයක් එක්කර තම්බාගන්න.

*පසුව තම්බාගත් තක්කාලි ලිපෙන් බාගන්න. එය මඳක් නිවෙන්නට හැර බ්ලෙන්ඩ් කර පෙරාගන්න.

*අනතුරුව බඳුනක් ලිප තබා ඊට තක්කාලි මිශ්‍රණය එක්කර ගන්න. ඊටම විනාකිරිද එක්කරගන්න.

*අනතුරුව මිරිස් කුඩු හා සීනි එක්කර මද ගින්දරේ එය පිසගන්න. අනතුරුව ලුණු කුඩුද රස අනුව එක්කරන්න.

*මෙය හැඳිගාමින් පිසගන්න. මෙය තරමක් ඝන පදමට එද්දී ලිපෙන් බා නිවෙන්නට තබන්න.

*පසුව එය පිරිසිදු වීදුරු බෝතලයක දමා ශීතකරණයේ තබා ආහාරයට ගන්න