ඉවුම් පිහුම්

හත්මාලුව

සිංහල අවුරුදු බත්පතට නැතිවනම බැරි ව්‍යාංජනයක් තමයි ගොයියෝ හත්මාලුව. අද කොහොම වෙතත් ඒ කාලේ අවුරුදුදාට හත්මාලුව පැහෙන්නේ නැති ගෙයක් හොයාගන්න එක කළුනික හොයන ගාණලු.

එක එක පළාත්වල එක එක තාලෙට හත්මාලුව ඉදෙනවා. හැබැයි ගොඩක් උදවිය මනාප සබරගමුවේ හත්මාලුවට කියනවනේ. ඒ නිසා අද අපිත් හදමු සබරගමු හත්මාලු.

හත්මාලුවට වට්ටක්කා දළු, වම්බටු, අලු කෙසෙල්, මෑකරල්, කජු, කොස් ඇට, තම්පලා ගෙදර අයට අවශ්‍ය ප්‍රමාණවලින් ගන්න. මේ සේරම එළවලු ටික පිරිසිදු කරලා කැමති හැඩයට කපාගෙන මැටි වළඳකට දාන්න. පස්සේ ඒකට තුනපහ කුඩු, රම්පේ, කරපිංචා, සුදුලූනු, රතුලූනු, අමුමිරිස්, ලුණු දාලා දියකිරි කෝප්ප දෙකක් එහෙම එකතු කරලා අඩු ගින්දරේ විනාඩි 20ක් ඉදවගන්න. දියකිරි හිඳුනහම උකුකිරි දාගන්න. කැමති නම් මේක තෙම්පරාදු කරගන්නත් පුළුවන්.