ඉවුම් පිහුම්

චිකන් කජු ගම

අවශ්‍ය ද්‍රව්‍ය…

කුකුල් මස් (හම, කටු හැර) 500g

කජු 200g

ලූනු සිහින්ව කපා 50g

සුදුලූනු (සිහින්ව කපා) මේස හැඳි 1

අමු ඉඟුරු (සිහින්ව කපා) තේ හැඳි 2

කරපිංචා (සිහින්ව කපා) මේස හැඳි 1

රම්පේ (සිහින්ව කපා) මේස හැඳි 1/2

කරදමුංගු 2

කරාබුනැටි 2

කුරුඳු පොතු අඟල් 1

කරි කුඩු මේස හැඳි 1 1/2

කහ කුඩු තේ හැඳි 3/4

මිරිස් කුඩු තේ හැඳි 1

කැබලි ගම්මිරිස් මේස හැඳි 1

සියඹලා යුෂ මේස හැඳි 1

තෙල් මේස හැඳි 2මිටිකිරි අඬුකෝප්ප 3/4

ලුණු රස අනුව

සාදන ක්‍රමය…

කජුවලට කහ එක්කර තම්බා ගන්න.

භාජනයක් ලිප තබා තෙල් එක්කර එයට රම්පේ, කරපිංචා, ලූනු, කරදමුංගු, කරාබුනැටි, අමුමිරිස් දමා බාගෙට රන්වන් පැහැ වනවිට සුදුලූනු, අමු ඉඟුරු, මිරිස් කුඩු, කරි කුඩු, කුරුඳු කුඩු සහ ලුණු එක්කර මඳ ගින්දරේ තරමක් බැදගන්න.

කකුල් මස් සහ කජු එක්කර මද ගින්දරින් තම්බාගන්න. මිටිකිරි එක්කර උකු කරියක් වීගෙන එනවිට ගම්මිරිස් එකතු කරන්න.

 

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්‍රවර්ධක අධ්‍යක්ෂ – ආචාර්ය පබ්ලිස් සිල්වා