ඉවුම් පිහුම්

ඉස්සෝ වඩේ

අවශ්‍ය ද්‍රව්‍ය

ඉස්සෝ (මධ්‍යම ප්‍රමාණයේ) 25

කඩල මිශ්‍රණය 750g

තෙල් 1/2L

දෙහි යුෂ තේ හැඳි 1

ලුණු තේ හැඳි 1/2

 

සාදන ක්‍රමය

ඉස්සන්ගේ වලිගය ඉවත් නොකර, සුද්දකර, සෝදා, ලුණු සහ දෙහි දමා කලවම් කර විනාඩි 10ක් තියන්න.

සාදාගත් කඩල මිශ්‍රණය ගෙන එයින් 30gක් පමණ බර කොටස් කරගන්න.

කඩාගත් කොටසකට ඉස්සා බැගින් තබා, ඉස්සන්ගේ වලිගය පේන පරිදි කඳ මැදට තියා අතින් තදවෙන්න රෝල් කර ගැඹුරු තෙලේ බැදගන්න.

 

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා