News

RMV 600 කට ස්ථාන මාරු දෙන්න හේතු මෙන්න

අල්ලස් ගැනීමේ සිද්දීන් සම්බන්ධයෙන් ජනතාවගෙන් ලැබුන පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා සඳහන් කරන්නේ නිලධාරීන් 600කට අධික පිරිසකට මෙලස ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි.

ලබන ජනවාරි 01 දා සිට අදාල ස්ථාන මාරුවීම් බලපැවැත්වෙන පරිදි ලබා දී තිබේ. අදාල තීරණය විෂය භාර අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අතර පවතී සාකච්ඡාවකින් අනතුරුව තීරණය ගෙන තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා සඳහන් කරනවා.