Food

රුලං අතිරස

පැමිණි දුක් තරම්ම පැණි රස රුලං අතිරස

අතිරස තිත්ත රසයි, පැමිණි දුක් පැණි රසයි කියලා කතාවට කිව්වට මොකෝ අතිරස තරම් අතීශය රස රසකැවිල්ලක් තවත් නැති තරම්. අතිරසත් ඉස්සර ඉඳලම අවුරුද්දට අපේ ගමේ ගොඩේ ඉදෙන රසකැවිල්ලක් බව හිතන්න වෙන්නේ රොබට් නොක්ස්ගේ ‘එදා හෙළදිව’ පොතේ අතිරස හදාගන්න විදිය පවා පැහැදිලි කරලා තියෙන නිසා.

හැබැයි අද මේ කියලා දෙන්න යන්න ඒ කාලේ ඉඳලා හදාපු අතිරස වර්ගය හදන හැටි නෙවෙයි. මේ අතිරස හදන්නේ රුලංවලින්.

රුලං කෝප්ප 100g, සීනි 70g, ලුණු ටිකක්, ගාගත්තු පොල්, වතුර කෝප්ප 1/2ක්, තලාගතිපු කරඳමුංගු 3ක් තිබ්බා නම් හරි.

මුලින්ම භාජනයකට පොල් ටික දාන්න. ඒකට රුලං, ලුණු, සීනි දාලා හොඳට කලවම් කරන්න. භාජනයක් ලිපේ තියලා ඒකට වතුර ටික දාලා නටවන්න. ඒකට අර රුලං මිශ්‍රණය දාලා ගින්දර අඩු කරලා හොඳට කලවම් කරන්න. රුලං තැම්බෙනකල්ම මේ වැඩේ කරන්න ඕනා. පස්සේ මිශ්‍රණය කොළපතක තියලා ඇඟිලිවලින් වඩලා (පැතලි කරන්න) පැහුණු තෙලේ බැදගන්න.

 

ආහාර වට්ටෝරු – ප්‍රවීණ සූපවේදී සරිත් කුමාරසිරි