ඉවුම් පිහුම්

ලේසියෙන්ම සැන්ඩ්විච් හදමු…

අවශ්‍ය ද්‍රව්‍ය

*පාන්පෙති 4

*බිත්තර 2

*බටර් ස්වල්පයක්

*කපාගත් ලූනුකොළ අහුරක්

*පෙති කපාගත් තක්කාලි ගෙඩි 1 (උණුවතුරෙන් මද වේලාවක් තම්බාගන්න)

*ගර්කින් ගෙඩි 1

*තලඇට තේ හැඳි 2

*සලාද කොළ 1

*ගාගත් චීස් ටිකක්

*ලුණු ගම්මිරිස් අවශ්‍ය පමණට

 

සාදන ක්‍රමය

*පළමුව සෝස්පෑන් එකක් ගෙන ඊට බටර් තවරා පාන්පෙති ටෝස්ට් කරගන්න.

*දැන් බිත්තර බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරගන්න.

*ඊට කපාගත් ලූනු කොළ, තලඇට, ලුණු, ගම්මිරිස් එක්කර හොඳින් මිශ්‍ර කරගන්න.

*දැන් පෑන් එක යළි ලිප තබා රත්වනවිට සාදාගත් බිත්තර මිශ්‍රණය ඊට එක්කරගන්න.

*ඒ මතට ටෝස්ට් කරගත් පාන්පෙති දෙකක් එක්කරගන්න.

*මෙය ඔම්ලට් එකක් සේ පිසුණු පසු අනෙක් පස හරවාගන්න.

*දැන් ඔම්ලට් එක පාන්පෙති දෙකේ ප්‍රමාණයට නවාගෙන ඒ මතට ගාගත් චීස් එක්කරගන්න.

*දැන් ඒ මතට තක්කාලි පෙති, ගර්කින් පෙති තබා සලාද කොළයද තබා පාන්පෙති වෙන්කරගන්න.

*දැන් ඉතිරි පාන්පෙති දෙක ඒ මතට තබා ත්‍රිකෝණ හැඩයට කපාගන්න.

**මෙය ලේසියෙන් සාදාගත හැකි රස ගුණ පිරි සැන්ඩ්විච් එකකි.

 

ආහාර වට්ටෝරු

විධායක සූපවේදී

දුමින්ද අබේසිරිවර්ධන

B.B.Q. on Wheels, කැන්බරා, ඔස්ට්‍රේලියාව