ඉවුම් පිහුම්

අවුරුද්දට යාළු හදමුද සව් ලාලු?

සව් ලාලු කියන්නෙත් ගජ සිංහල කෑමක් යාළු.

අවශ්ය ද්රව්ය :
සව් හාල් 100g
ලුණු
සීනි 50g
කොස් කොළ
සාදා ගන්නා ආකාරය :
සව් හාල් ටික පැයක් විතර වතුරේ පොඟවා ගන්න. පස්සේ ඒකට ලුණු චුට්ටක් දාලා වතුර එකතු කරලා තම්බගන්න. තම්බද්දි සව් ඇට සම්පූර්ණයෙන්ම දියවෙන්ට දෙන්න එපා. පස්සේ කොස් කොළ ටික අරන් අර හදාගතපු සව් නානු ටික කොළේ ගාලා හොඳට අව්වේ වේලගන්න. වේලුණාට පස්සෙ කොස් කොළේ අහක් කරලා සව් ලාලුව බැදගන්න. සීනි ටික උණු කරලා කැවිල්ල උඩින් අර ආස්මි නානුව දාන තාලෙට පැණි ටික වක්කරන්න.