Latest News

සිසුන් සිය දහස් ගණනක් පාසල් හැරයාමේ අවදානමක්…

පාකිස්ථානයේ උතුරු සහ දකුණු වසිරිස්ථානයේ පොත්පත් සහ ලිපිද්‍රව්‍ය නොමැතිවීම හමුවේ සිසුන් සිය දහස් ගණනක් පාසල් හැරයාමේ අවදානමක් උද්ගතව තිබෙනවා.

එමෙන්ම එම ප්‍රදේශවල පාසල් ගොඩනැගිලි දැඩිලෙස අබලන් වී ඇති අතර ගුරුවරුන්ගේ සහ කාර්යමණ්ඩලවල උග්‍ර හිඟයක් ද පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

දැනටමත් බොහෝ පාසල් සහ අධ්‍යාපනික ආයතන දින නියමයක් නොමැතිව වසා දමා ඇති අතර එම තත්ත්වය හමුවේ ළමයින් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව සඳහන්.

පකිස්ථානයේ 58% ක්ව පැවති ජාතික සාක්ෂරතා අනුපාතය මේ වන විට 30% කට වඩා අඩු මට්ටමකට පහත වැටී ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙනවා.