Latest News

මැතිනිගේ ප්‍රතිපත්ති පිළිගත්තා නම් රට බංකොළොත් වෙන් නෑ – චන්ද්‍රිකා බණ්ඩාරනායක

දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රතිපත්ති පිළිගත්තේ නම් රට බංකොළොත් නොවනු ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 107 වන ජන්ම දිනය වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ඇති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වමින් හිටපු ජනාධිපතිනිය මේ බව කියා සිටියා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනපතිනිය සඳහන් කලේ,

“ප්‍රතිපත්ති පිළිගත්තා නම් පළමු වතාවට රට බංකොළොත් වෙන්නේ නෑනේ. මොකද ආණ්ඩුවට හොරකන් කරන්න බෑ මැතිනිගේ ප්‍රතිපත්ති අනුව. ඒ නිසා ප්‍රතිපත්ති තිබුණා නම් රට හැදෙනවා. හැදෙනවා කියන්නේ රට ඉස්සරහට යනවා. දැන් ආපස්සට ගිහින් නේ ගව් ගාණක්.” බවයි.