Latest News

ලෝක කුසලාන දැල්පන්දු තරඟාවලියේ නායිකාව ගයන්ජලී උපනායිකාව දුලංගි…

2022 ආසියානු දැල්පන්දු තරඟාවලියේ ශූරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව සහ උප නායිකාව ලෙස කටයුතු කළ ගයන්ජලී අමරවංශ සහ දුලංගි වන්නිතිලක මෙවර දැල්පන්දු ලෝක කුසලාන තරඟාවලියේ ද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සහ උපනායකත්වයට සුදුසු බව ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය නිර්දේශ කර තිබෙනවා.

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයට සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය එම නිර්දේශ ලබාදී තිබෙනවා.

ගයන්ජලී අමරවංශ ලෝක කුසලාන තරඟාවලි දෙකක් සහ ආසියානු තරඟාවලි තුනක් නියෝජනය කර ඇති ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක්.

දුලංගි වන්නිතිලක ලෝක කුසලාන තරඟාවලියක් සහ ආසියානු තරගාවලි දෙකක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙනවා.

2023 දැල්පන්දු ලෝක කුසලාන තරඟාවලිය ලබන ජූලි මස 28 වැනිදා සිට අගෝස්තු මස 6 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව එම තරඟාවලියේ ‘සී’ ඛාණ්ඩය නියෝජනය කරමින් ජැමෙයිකාව, දකුණු අප්‍රිකාව සහ වේල්සය සමග තරග වැදීමට නියමිතයි.

එළැඹෙන ලෝක කුසලාන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් දහසයක් තරග වදිනවා.