Latest News

මෙරට අධ්‍යාපන පද්ධතියට හඳුන්වාදුන් ස්ටීම් අධ්‍යාපනය

විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ගණිතය සහ කලා විෂයන් සහිත නව ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය අද (31) මෙරට පාසල් අධ්‍යාපනයට හඳුන්වා දී තිබෙනවා.

මෙහි සමාරම්භක උළෙල කොළඹ රාජකීය විද්‍යාලයේදී පැවැත්වුණේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන්.

එහිදී අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කලේ, මෙම අධ්‍යාපන ක්‍රමවේදය ලොව පුරා රටවල් 96 ක පමණ භාවිත වන සාර්ථක ක්‍රමවේදයක් බවයි.

එමෙන්ම මෙම ක්‍රමවේදයේ දී විෂය ධාරාව අනුව කිසිදු දරුවෙකු පාසල් අධ්‍යාපනයෙන් අතරමගදී ඉවත් නොකෙරෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.