Uncategorized

අධෝවාතය බෝතල් කර විකුණන සුරූපිනිය ස්ටෙෆනී

මං මගේ රසික රසිකාවියන්ට මගේ අධෝවාතය බෝතල් කරලා විකුණන්න පටන්ගත්තා. ඒ එක බෝතලයක් ඇමෙරිකානු ඩොලර් සීයක් වෙනවා.

මීට ටික කාලෙකට කලින් මේ අමුතු පහේ කතාව කිව්වේ ඇමෙරිකානු ජාතික තරුණියක්. ඒ වෙනකොට වෘත්තියෙන් යූටියුබ් වගේම රියැලිටි තාරකාවක් වූ ඇය මේ කතාව කියන්න කලින් එතරම් ප්‍රසිද්ධ චරිතයක් නෙවෙයි. ඒත් ‘ස්ටෙෆනී මැටෝ’ (Stephanie Matto) නම් මේ තරුණිය ‘අධෝවාතය’ ගැන කියපු අමුතු පහේ කතාවත් එක්ක එදා එක රැයින්ම සමාජ මාධ්‍ය තාරකාවක් බවට පත්වුණා.

මං මේ වැඩේ දිනපතාම කරන්න ඕන හින්දා ඒකට විශේෂ ආහාර වේලකුත් ගත්තා. ඒ ආහාර වේල නිසා මට පුළුවන් වුණා දිනකට බොහෝ සැරයක් අධෝවාතය පිටකරන්න. ඒ වගේම අධෝවාතයේ ගන්ධය ගොඩාක් වර්ධනය කරගන්නත් මට පුළුවන් වුණා.

අධෝවාතය කියන්නේ මිනිසුන්ට ප්‍රිය දෙයක් නොවුණත් ඇගෙන් අධෝවාතය බෝතල් ගන්න සමහර ගෑනු මිනිස්සු පුදුම විදියට උනන්දු වුණා. කොච්චර උනන්දු වුණාද කිව්වොත් ඇයට සමහර දිනවලට ඉල්ලුමට සැපයුම දෙන්නත් බැරිවුණා. ඒ නිසා ඇය වැඩිපුර අධෝවාතය පිටකිරීමේ අරමුණින් ආහාර වේල පවා දිගින් දිගටම වෙනස් කළා. ඒ නිසා කිහිප අවස්ථාවකදීම ඇයට රෝහල්ගත වෙන්නත් සිද්ධවුණා.

සමහරු කියලා තිබුණා අධෝවාතය කියන්නේ ඉතාමත් පිළිකුල් සහගත දෙයක් කියලා. ඒත් අධෝවාතය බෝතල් මිලට ගත්ත අය ඒ ගැන ගොඩාක් සතුටු වුණා. ඒ ගැන මටත් කිව්වා.

මේ අතර ගොඩාක් අයට ආපු ප්‍රශ්නයක් වුණේ ඇයි ස්ටෙෆනී වගේ ප්‍රසිද්ධ තරුණියක් මෙහෙම වැඩකට අතගැහුවේ කියන එක. ඒකට ඇය මාධ්‍ය වෙත දීලා තිබුණේ හරි අපූරු උත්තරයක්.

මං මේ වැඩේ පටන්ගත්තේ විනෝදයට වගේ. මොකද මට අධෝවාතය කියන්නේ විනෝදජනක දෙයක්. ඒ වගේමයි ඒවා බෝතල් කරලා විකුණන එක අලුත් දෙයක් කියලා හිතුණා. මිනිස්සුන්ගෙන් ඒකට හොඳ ප්‍රතිචාර ලැබුණු නිසා දිගටම අධෝවාතය බෝතල් කරලා විකුණුවා.

ඇය කියන විදිහට අධෝවාතය විකුණමින් ඇය සතියක් තුළ හොයන මුදල ඇමෙරිකානු ඩොලර් පනස්දාහක්. ඒ කියන්නේ රුපියල්වලින් නම් ලක්ෂ සීයකටත් අධික මුදලක්. ඒ නිසාම ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ඇයට හැකියාව ලැබුණා ලොකු සල්ලිකාරියක් වෙන්න. මේ අතර ඇය අධෝවාතයට අමතරව තව තව දේවලුත් විකුණන්න උනන්දු වුණා. ඒ ගැන ඇය කිව්වේ මෙහෙම කතාවක්.

අධෝවාතය විතරක් නෙවෙයි අවුරුදු ගණනාවක් පුරා මං පළඳින බ්‍රෙසියර්, යටඇඳුම් පවා මිලදීගන්න පොරකන මිනිස්සු ඉන්නවා. ඒකට ගෑනු පිරිමි කියලා වෙනසක් නෑ. ඒ වගේමයි මගේ හිසකෙස්, නාන ජලය පවා ඒ අය මිලට ගන්න කැමතියි.

ඇත්තටම කිව්වොත් ස්ටෙෆනී කියන්නේ රූපයෙන් පොහොසත් තරුණියක්. ඒ නිසාම පිළිකුල් සහගත මුදල් ඉපැයීමකට ඇය යොමුවුණත් ඇයට ආදර යෝජනාවලින් නම් අඩුවක් වුණේ නෑ. ඒත් ඇගේ හිත ගියේ තරුණියකට. ඒ නිසා සමලිංගික ආදරයකුයි පසුගිය කාලය පුරාවටම ඇයට තිබුණේ. හැබැයි පසුගියදා ඒ සම්බන්ධයත් නැවතුණු බවයි ආරංචි.

මේ අතර පසුගිය සතියේ ස්ටෙෆනී අලුත් මාතෘකාවක් එක්ක ආයෙමත් කරළියට ආවා. ඒ ඇය මුදල් උපයන අලුත්ම වැඩකට අතගැසීමත් එක්ක. ඒ තමයි ඇය ඇගේ දාඩිය බෝතල් කර විකිණීමට පටන්ගැනීම.

මං දාඩියත් බෝතල් කරලා විකුණන්න පටන්ගත්තා.

එහෙම කියන්නේ ස්ටෙෆනී. මේ වෙනකොටත් ඇගේ දාඩිය බෝතල් ගන්න ඇමෙරිකාවේ ඇතැම් පිරිමි වගේම කාන්තා පාර්ශවයත් සෑහෙන්න උනන්දු වෙන බවයි සඳහන්. අන්තර්ජාලය හරහා ඇගේ දාඩිය බෝතල්වලට දැවැන්ත ඉල්ලුමක් ඇති බවයි පසුගියදා විදෙස් මාධ්‍ය පවා සඳහන් කරලා තිබුණේ. ඒ අතරින් බොහෝදෙනෙක් උනන්දු වෙලා තිබුණේ ඇගේ පියයුරු ආශ්‍රිත දාඩිය බෝතල් මිලට ගන්න. ඔය කරුණු කාරණා නිසාම මේ දවස්වල කාගෙත් කතාබහ ස්ටෙෆනී මැටෝ ගැන. දැන් කවුරුත් බලාගෙන ඉන්නේ දාඩියවලින් පස්සේ ඇය ඊළඟට මොන වගේ දෙයක් විකුණයිද කියලා. හැබැයි මේ යන විදියට නම් බොහෝ දුරට ඒ ඇගේ මුත්‍රා හෝ මළපහ වෙන්නත් බැරිකමක් නෑ.

රුවන් එස්.සෙනවිරත්න