Top Story

STF තවත් බන්ධනාගාර 3ක් අල්ලයි

වැලිකඩ බන්ධනාගාරයේ සහ කොළඹ රිමාන්ඩ් සහ මැගසින් බන්ධනාගාර වල ආරක්ෂාව සඳහා අද (25) දිනයේ සිට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට තීරණය කර තිබේ.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සඳහන් කළේ එම බන්ධනාගාර වල පිටත ආරක්ෂාව සහ පිටතින් පැමිණෙන පුද්ගලයින් පරීක්ෂා කිරීමේ කටයුතු ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකිරීමට නියමිත බවයි.

බන්ධනාගාර තුළ සිදුවන විවිධ දූෂණ ක්‍රියා මැඩපැවැත්වීමට බන්ධනාගාර වල ආරක්ෂක කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පියවර ගනු ලැබුවා.

එහි පළමු අදියර ලෙස පසුගියදා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවූ අතර එයට එරෙහිව රැඳවියන් පිරිසක් විරෝධතාවයක ද නිරත විය.