News

STF ඇල්ලු T 56 ගිණි අවි 12 න් තොරතුරු රැසක් එළියට

හෝමාගම පිටිපන ප්‍රදේශයන් සොයාගත් ටී 56 ගිණි 12 පාතල කල්ලි සාමාජික කොස්ගොඩ තාරකගේ සමීපතමයෙකු වන දැනට බන්ධනගාර ගතව සිටින ගගන නැමැත්තාගේ බවට අනාවරණ වී තිඛේ.

ගගන නැමැත්තා විසින් මෙම ගිණි අවි තොගය පොට්ට කපිල නැමැත්තාට එවා ඇති බව අනාවරණ වී ඇත.

ඔහුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් මීගොඩ ඉංගන්මාරුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරිම්වලදී හෝමාගම මොරගහහේන ප්‍රදේශයේ පවත්වාගෙන යන සාගර ටේලර්ස් නම් සීට්ටු භාණ්ඩ අලෙවි සැලක සගවා තිබු ටී 56 ගිණි අවි සොයාගෙන තිඛේ.

අදාල ගිණි අවි තොගයෙක් කිහිපයක් අතරුදන් වී ඇති බව හෙළිව ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු අත්ඩංගුවට ගැනිමට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර ප්‍රධාන පොලිස් පරීක්ෂක වී එස් ධර්මප්‍රිය ඇතුලු කණ්ඩායමක් වැටලීමට එක්ව සිටියා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සේනා විධායක නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ මෙම වැටලීම සිදුව ඇත.

 

තිස්ස රවීන්ද්‍ර පෙරේරා