ඉවුම් පිහුම්

බතල සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය

බතල 1kg

කරවල 100g

වරකා 100g

විනාකිරි මේස හැඳි 2

ගම්මිරිස් කැබලි තේ හැඳි 2

ලුණු තේ හැඳි 1

 

සාදන ක්‍රමය

සෝදා පිරිසිදු කරගත් බතල ඇලුමිනියම් කොළයක ඔතා උණු අළුපල්ලේ පුළුස්සා හෝ උඳුනක බේක් කරගන්න.

කරවල කැබලිවලට කපා ගැඹුරු තෙලේ බැදගන්න. නැතිනම් පුළුස්සාගන්න.

වරකා ඇට ඉවත් කර කුඩාවට කපාගන්න.

ඉන්පසු කරවල සහ වරකා එකට එකතු කර බ්ලෙන්ඩ් කරන්න.

බතල පොත්ත ඉවත්කර හෝ පොත්ත සහිතව පෙති කපාගන්න.

දීසියකට පෙති ආකාරයට බතල අතුරන්න.

බ්ලෙන්ඩ් කරගත් මිශ්‍රණයට කැබලි ගම්මිරිස්, ලුණු එකතු කර බතල උඩින් වත්කරන්න.