Latest News

උෂ්ණත්වය ඉහළ යයි – එළිමහනේ කටයුතු වලින් වළකින්න

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (17) දිනයේ ද අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, මොනරාගල, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික් කිහිපයකත් එම තත්ත්වය පවතින බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ මහතා,

“මේ කියන ඇඟට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බවට අපේක්ෂා කරනවා. ඒ අනුව එම ප්‍රදේශවල ජනතාවට එළිමහනේ කටයුතු කිරීමේ දී අධික වෙහෙසකර කටයුතුවලින් වැළකී ඉන්නවා නම් හොඳයි. ඒ වගේම ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම වැනි සෞඛ්‍ය අංශවලින් ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.”