ඉවුම් පිහුම්

අතිරස

අතිරස

 

අවශ්‍ය ද්‍රව්‍ය

හාල්පිටි 500g

පිටි කප්පි 50g

පැණි 1/2L

සීනි 50g

සව් 50g

තෙල් 1/2L

 

සාදන ක්‍රමය

භාජනයක් ලිප තබා එයට පැණි සහ සීනි දමා රත් කරගන්න.

එයට හාල්පිටි සහ පිටි කප්පි එක්කරන්න.

ලී පත්තක ආධාරයෙන් මෙම මිශ්‍රණය ගින්දර අඩුකර ගුලියක් වන ලෙස සකසා ගන්න.

පිටි මිශ්‍රණය භාජනයෙන් ඉවත් කරගන්න.

එම භාජනයට වතුර අඬුකෝප්ප 1/2ක් දමන්න.

එය ලිප තබා අඩු ගින්දරේ වටේ ඇති දෑ දියවෙන ලෙස උයාගන්න.

එය උකු කැඳක් ලෙස සාදා නිවාගන්න.

සාදාගත් පිටි මිශ්‍රණයට උකු කැඳ එක්කරමින් අතේ නොඇලෙන පරිදි හොඳින් අනාගන්න.

ඉන්පසු මෙයිනි පොඩි බෝල සාදාගන්න.

සාදාගත් බෝල තරමක් තුනී කර තෙල් ගාගත් තැටියක් මත තබා දෙපැත්තට සව් දවටාගන්න.

භාජනයකට තෙල් දමා රත්කර සාදාගත් අතිරස ගැඹුරු තෙලේ බැදගන්න.

 

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්‍රවර්ධක අධ්‍යක්ෂ ආචාර්ය පබිලිස් සිල්වා

සම්බන්ධීකරණය
ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා