ඉවුම් පිහුම්

උළුඳු වඩේ

අවශ්‍ය ද්‍රව්‍ය

උඳු පරිප්පු 250g

ලූනු (ලියාගත්) 100g

අමුමිරිස් (කපාගත්) කරල් 3

කරපිංචා (ලියාගත්) මේස හැඳි 1

දුරු තේ හැඳි 1/2

තෙල් අඬුකෝප්ප 3

ලුණු රස අනුව

සාදන ක්‍රමය

උඳු පරිප්පු පැය 6ක් පොඟවා වතුර පෙරා හොඳින් අඹරා ගන්න.

අඹරාගත් උඳු පැය 2ක් පමණ තියා අන් සියල්ල එයට දමා මිශ්‍ර කරන්න.

තෙල් ලිපේ තියා තෙල් රත්වුණ පසු දෙහි ගෙඩියක් ප්‍රමාණයක් මිශ්‍රණයෙන් ගෙන මාපට ඇඟිල්ලෙන් හිලක් සාදා තෙලට දමන්න.

එම මිශ්‍රණය ගන්නා සෑමවිටකම අත තෙමාගන්න.

 

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්‍රවර්ධක අධ්‍යක්ෂ පබ්ලිස් සිල්වා

සම්බන්ධීකරණය ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා