Update : අයි.ඩී.එච්. රෝහලෙන් පලාගිය කොවිඩ් ආසාදිතයා සොයාගනියි
මුල්ලේරියාව අයි.ඩී.එච්. රෝහලෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී ඉන් පලාගිය කොවිඩ් ආසාදිතයා හමුදා කණ්ඩායමක් විසින් මීට සුළු වේලාවකට පෙර සොයාගෙන තිබේ.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ කොළඹ ජාතික රෝහල අසලදී මෙම පුද්ගලයා සොයාගත් බවයි.
අද (24) අලුයම රෝහලෙන් අයි.ඩී.එච්. රෝහලෙන් පලාගිය මෙම ආසාදිතයා මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වී සිටි අපරාධ සඳහා අවශ්‍ය ව සිටි පුද්ගලයෙකු බව ද පොලීසිය පැවසීය.
