ඉවුම් පිහුම්

වටලප්පන් හදමු

අවශ්‍ය ද්‍රව්‍ය :-
*හකුරු පලුවක්
*බිත්තර 8 ක්
*ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 3/4 ක්
*සීනි තේ හැදි 2 – 3 ක්
*එනසාල්

සාදන ආකාරය :-
*මුලින්ම හකුරු ටික පොඩියට කපාගන්න.
*දැන් භාජනයක් ලිපෙන් තියලා ඒකට හීනියට කපාගත් හකුරු දාගන්න.
*මද ගින්දරේ ලිප තබා ගන්න.
*ඒකටම වතුර මේස හැදි 2 – 3 ක් එයට එක්කරගෙන හැදිගාගන්න.
*හකුරු ලාවට දිය උනාම එනසාල් එක්කරගන්න.
*හකුරු හොදින් දිය කරගෙන නිවාගන්න.
*හකුරු එක නිවෙන්න තියලා බිත්තර 8 භාජනයකට දාගෙන ගසාගන්න.
* බිත්තර අපි එකපාරට ඔක්කොම දාන්නේ නෑ එකින් එක දාගන්න ගමන් ගසාගන්න.
*ටිකකින් බිත්තර එකට සීනි එක්කරගෙන ආයෙම ගසාගන්න.
*බිත්තර බීට් කරන්න එපා.
*සීනි දිය වූ පසු හකුරු එක්කරගෙන මිශ්‍ර කරගන්න.
*මතක ඇතුව හකුරු හොදින් නිවා ගන්න.
*ඊලගට එයට ෆ්‍රෙෂ් මිල්ක් එක්කර මිශ්‍ර කරගන්න.
*මිශ්‍රණය හොදින් මිශ්‍ර කරගත් පසු වටලප්පන් හදාගන්න භාජනයේ බටර් ටිකක් ගාගෙන මිශ්‍රණය පෙරාගන්න.
*භාජනය හොදින් ආවරණය කරගෙන විනාඩි 45ක් ස්ටීම් කරගන්න.
*ඔයාලට පුළුවන් ඔයාලා කැමතිනම් මේකට කජු වගේ දේවල් එකතු කරගෙන වටලප්පම තවත් රසවත් කරගන්න.
*සීනි වැඩිය කන්නේ නැත්නම් සීනි වෙනම එකතු කරගන්න එපා.හකුරු විතරක් එක්කරගන්න.