ඉවුම් පිහුම්

වෙරළු අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය

වෙරළු ගෙඩි 25

විනාකිරි අඬුකෝප්ප 2 1/2

ගම්මිරිස් ඇට 10

කුරුඳුපොතු අඟල් 1

කරඳමුංගු 3

කරාබුනැටි 3

කහකුඩු තේ හැඳි 1/2

සීනි තේ හැඳි 1

ලුණු රස අනුව

 

සාදන ක්‍රමය

වෙරළු සෝදාගන්න.

වතුර අඬුකෝප්ප 2කට විනාකිරි අඬුකෝප්ප 1/2ක් එකතු කර භාජනයකට දමා ලිප තබන්න.

මිශ්‍රණය උතුරන විට වෙරළු එකතු කරන්න.

ලිපෙහි ගින්දර අඩු කරන්න.

මදගින්නේ පැය 1/2ක් පමණ තම්බා පෙරාගන්න.

සීනි සහ වෙරළු හැර අන් සියල්ල ලිප තබා විනාඩි 15ක් පමණ අඩු ගින්දරේ තම්බාගෙන පෙරාගන්න.

පෙරාගත් වතුරට වෙරළු, සීනි එක්කර නැවත ලිප තබා විනාඩි 10ක් පමණ මද ගින්දරේ උයාගන්න.

ඉන්පසු භාජනයක දමා නිවුණු පසු ශීතකරණයේ දින 3ක් තබා ප්‍රයෝජනයට ගන්න.

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා