Latest News

විදෙස් රැකියා ගැන පවසා මුදල් වංචා කළ කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට

විදේශ රටවල රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 31ක් වන කයිටස් ප්‍රදේශයේ පදිංචි සැකකාරියන් දෙදෙනෙක්.

කටාර් රාජ්‍යයේ රැකියාවක් ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 6ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මන්නාරම පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

පැමිණිලිකරු විසින් අවස්ථා කිහිපයකදී සැකකාරියගේ බැංකු ගිණුම් වෙත මුදල් බැර කර ඇති බවත් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය ද සැකකාරියන්ට ලබා දී ඇති බවත් වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මන්නාරම පොලිසිය සිදු කරනවා.