Latest News

ලෝක චෙස් ශූරතාව දිනූ පුංචි “තෙහස් “

අවුරුදු නවයෙන් පහල ලෝක චෙස් ශූරතාව දිනූ කොළඹ ආනන්ද විද්‍යාලයේ තෙහස් කිරින්ඩො සිසුවා ඊයේ (24) දිවයිනට පැමිණ තිබෙනවා.

2023 ලෝක පාසල් චෙස් තරඟාවලිය පසුගියදා ග්‍රීසියේ රෝඩ්ස් නුවර පැවැත් වුණා.

එහිදී වයස අවුරුදු 09 න් පහළ අංශයෙන් තරඟ කළ තෙහස් කිරින්ගොඩ එම අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා.

මෙම තරඟාවලිය සදහා රටවල් 24 ක ක්‍රීඩකයන් 61 දෙනෙක් සහභාගී වුණා.

ඔහු පිළිගැනීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ උපාලි අමරතුංග , ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමයේ සභාපති සේනක සමරතුංග, කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සහකාර විදුහල්පති නුවන් ප්‍රියන්ත ඇතුළු එම පාසලේ මව්පියන් සහ සිසු දරුවන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.

මෙහිදී තෙහස් කිරින්ගොඩ සිසුවා මාධ්‍යයට අදහස් දක්වමින් සඳහන් කලේ, තමන් ඉදිරියේදී ග්‍රෑන්ඩ් මාස්ටර් (Grand Master) තරඟාවලිය ජයග්‍රහණය කර ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දීමට අපේක්ෂා කරන බවයි.