Latest News

පෞද්ගලික විනෝදාත්මක YouTube චැනලයක් සතු වැඩිම ග්‍රාහකයන් පිරිස යොහානිට

සතීශන්ගේ ‘මැණිකේ මගේ හිතේ..’ ගීතය නිසා අතිශය ජනප්‍රිය වූ මෙරට නව පරපුරේ ගායිකාවක් වන යොහානි ගේ YouTube චැනලය තවත් වාර්තාවක් තැබීමට සමත් ව ඇත.

මෙරට පෞද්ගලික විනෝදාත්මක YouTube චැනලයක් සතු වැඩිම ග්‍රාහකයන් පිරිස ලබාගැනීමට ඇය සමත්ව තිබෙන අතර ඇයගේ YouTube චැනලය මේ වන විට Subscribe මිලියන 2.25ක් පසු කර තිබෙනවා.

මින් පෙර මෙම කාණ්ඩයේ වැඩිම ග්‍රාහකයන් ගණන තිබුණේ අපේ අම්මා YouTube චැනලයයි.