News

අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් හෙරොයින් කිලෝ 42ක් සමග අත්අඩංගුවට

ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු හෙරොයින් කිලෝ 42ක්, ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සමග කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ පසුගියදා ඩුබායි බලා පලා යෑමට තැත් කිරීමේදී කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අතර සිටි අංගොඩ ලොක්කාගේ ගෝලයින් දෙදෙනෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම තොරතුරු ලබාගත් බවයි.

එහිදී ටී-56 ගිනිඅවි 03ක් පතොරම් 170ක් සහ මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝලයක් සමග හෙරොයින් කිලෝ 42ක් ද සොයාගෙන තිබේ.