අක්කර 100ක ඉඩම් මෝල් හිමියන් හොරට අරගෙන
මහවැලි අධිකාරියේ අනුමැතියකින් තොරව වැලිකන්ද සිංහපුර මහවැලි කලාපයේ ඉඩම් අක්කර 100ක් පොළොන්නරුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ සහල් මෝල් හිමියකුට ලබා දීම පිළිබඳව මහවැලි සංවර්ධන අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
කිසිදු පරිසර අනුමැතියක් නොමැතිව අලිමංකඩක පිහිටි මෙම භූමිය ලබා දීම සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස මහවැලි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහවැලි අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල්වරයාට දැනුම් දී තිබේ. මෙම සහල් මෝල් හිමියා සිය හිතවතුන් දෙදෙනකුගේ නම්වලට මෙම ඉඩම ලබා ගෙන ඇත්තේ බඩ ඉරිඟු වගා කරන මුවාවෙන් බව මහවැලි අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම ඉඩම් අක්කර 100 තුළ දහයියා ගොඩවල් දක්නට ලැබෙන අතර පොළොන්නරුව වනජීවී කලාප කාර්යාලයෙන්ද අනුමැතිය ලබා ගෙන නොමැති බව මූලික පරීක්ෂණවල දී හෙළි වී තිබේ. ඉඩම ලබා දීමට මහවැලි අධිකාරියේ මහවැලි කලාප භාර නිලධාරීන්ගේ සහයෝගය ලැබී ඇත්දැයි පරීක්ෂණවල දී අවධානය යොමු කරන බව මහවැලි අධිකාරිය සඳහන් කරයි.
උදයජීව ඒකනායක
