News

අකුරණ වසම් දෙකකට සංචරණ සිමා

අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාසයේ වසම් කිහිපයක ආසාදිතයන් හමුවිම නිසා අකුරණ ග්‍රාමනිලධාරී වසම් දෙකක් සඳහා සංචරණ සිමා පනවා ඇත. අද දින (24) සවස 6.30 සිට එම සංචරණ සිමා පැනවීම සිදුකළ බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

මේ අනුව අකුරණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ බුළුකොහොතැන්න සහ තෙළඹුගහවත්ත යන වසම් සඳහා සංචරණ සිමා පනවා තිබේ. එබැවින් කිසිවකුට ඉන් පිටවීමට සහ එම ප්‍රදේශ සඳහා ඇතුළුවීමට අවස්ථාව නොදෙන බව ආරක්ෂක අංශ සඳහන් කරනවා.

එසේම අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාසයෙන් මේ වන විට 38දෙනෙකු ආසාදිත අතර තවත් පිරිසකගේ PCR පරක්ෂණ වාර්තා ලැබීමට නියමිත බවද වාර්තාවේ.