අගමැති බිත්තර මිල බස්සයි
අගමැති මහින්ද රාජපක්ෂගේ ඉල්ලීම මත අද (7 වැනිදා) සිට බිත්තර මිල රුපියල් දෙකකින් අඩු කිරීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය කර තිබේ.
අගමැති මහින්ද රාජපක්ෂ සමග තංගල්ල කාල්ටන් නිවසේදී පැවැති සාකච්ඡාවකදී ඔවුන් මෙලෙස බිත්තර මිල රුපියල් දෙකකින් අඩු කිරීමට එකඟතාව පළකර ඇත.
ඒ අනුව අද සිට වෙළෙඳපොළේ සුදු බිත්තරයක තොග මිල රුපියල් 18කුත් රතු බිත්තරයක මිල රුපියල් 15 සත 50කුත් වේ.
බිත්තරයක සිල්ලර මිල මේ අනුව රුපියල් 21ක් 22ක් වනු ඇති බවත්, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් පැවැසීය.
එසේම දිවයිනේ කිසිදු බිත්තර හිඟයක් නොමැති බවත් ඉදිරියේදී බිත්තර මිල තවදුරටත් අඩුවනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
වරුණි පෙරමුණ
